CLOSE

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ තුවක්කරුවන් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාර මාලාවෙන් පුද්ගලයන් 15දෙනෙකු ජිවීතක්ෂයට පත්විය.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය සඳහන් කරයි.

දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් බොන්ඩි වෙරළ තීරයේ ඊයේ (14) පැවැත්වීමට නියමිතව තිබූ යුදෙව් ප්‍රජාව සමරනු ලබන උත්සවයක් වන ‘හනුකා‘ ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.