මහනුවරට සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ තුවක්කරුවන් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාර මාලාවෙන් පුද්ගලයන් 15දෙනෙකු ජිවීතක්ෂයට පත්විය.
පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය සඳහන් කරයි.
දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් බොන්ඩි වෙරළ තීරයේ ඊයේ (14) පැවැත්වීමට නියමිතව තිබූ යුදෙව් ප්‍රජාව සමරනු ලබන උත්සවයක් වන ‘හනුකා‘ ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.