CLOSE

ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.

පළාත් බලධාරීන් විසින් මේ බව දැනුම්දී ඇතැයි ද පැවසු නාලක කළුවැව , පළාත් 6ක එනම්, බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පාසල් හෙට දිනයේ සම්පූර්ණ වශයෙන් විවෘත වන බවද කියා සිටියේය.

ඌව පළාතේ පාසල් 524ක්, මධ්‍යම පළාතේ 111ක් සහ වයඹ පළාතේ පාසල් 5ක් ඒ අනුව හෙට දිනයේ විවෘත නොවෙනු ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.