අවසන් තරග පරාජයත් සමඟ ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (19) දඹුල්ලේදී ආරම්භ කිරීමට නියමිත ය.
ඒ අනුව අද දිනයේදී තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු තරග නොමිලේ නැරඹීමට ක්‍රීඩාලෝලින්ට අවස්ථාව සලසා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවත්වෙයි.
අද සිට 28 වනදා දක්වා පැවැත්වෙන තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර ඒ කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වදී.
බී කාණ්ඩයෙන් තරග වදින්නේ සත්කාරක ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තයයි.
තරගාවලිය ආරම්භ කරමින් පළමු දිනයේදී තරග දෙකක් පැවැත්වෙන අතර ඒ අනුව ඒ කාණ්ඩය යටතේ නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්, බී කාණ්ඩය යටතේ ඉන්දියාව සහ පාකිස්තානයත් තරග වැදීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා කාන්තා පිල මූලික වටයේ සහභාගි වන පළමු තරගය හෙට (20) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
ප්‍රකට පාපන්දු තරුවක් වන ලියොනාල් මෙසී අද (13) පෙරවරුවේ කොල්කටාහි සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයට පැමිණ කෙටි වේලාවකින් ඉන් පිටව යෑම හේතුවෙන් උරණ වූ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණයට බෝතල් සහ පුටු විසිකර මහත් කලබැගෑනියක් ඇතිකර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (16) පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී පැවැත්වේ.