පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.

17 වතාවක් WWE ශූරයා වූ ජෝන් සීනා සිය අවසන් තරගය ක්‍රීඩා කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතිකයෙකු වන 'GUNTHER'ට එරෙහිව වන අතර එම තරගයෙන් ජෝන් සීනා පරාජයට පත්වීම ඔහුගේ ප්‍රේක්ෂකාගාරය පුදුමයට මෙන්ම ශෝකයට පත්කළ බව අවසන් තරගයෙන් අනතුරුව පැවති නිහඬතාවයෙන් පෙනී යන්නකි.

තරගයෙන් පසුව ජෝන් සීනා සිය ප්‍රේක්ෂකයන්ට හිස නමා ආචාර කරමින් තමන්ගේ වෘත්තිය දිවිය අවසන් කරන බවට නිවේදනය කළේ තමා දරා සිටි අත්පටි සහ සපත්තු රෙස්ලිං වළල්ලේ තබා බැස යාමත් සමගිනි.

වළල්ලෙන් බැස යාමට පෙර "එය ගෞරවයක්" කියා ජෝන් සීනා ප්‍රේක්ෂකාගාරයට පැවසුවේ ය. 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.