ශාරුක් ඛාන් එන උත්සවයට ටිකට් නැහැ
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයන් අවධාරණය කරයි.
පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස් කරගෙන ඇති පුද්ගලයන් 88 දෙනකුගේ රුපියල් කෝටි 400කට අධික දේපොළ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මේ වන විට තහනම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.
ඒ අතර විශාල ඉඩම් 77ක් ඇතුළු පර්චස් 1500කට අධික ඉඩම්ද, නිවාස හා ගොඩනැඟිලි 40කට වැඩි ප්‍රමාණයක් ද, මැණික්ගල් 12ක් ද, රන් කිලෝ 10කට වැඩි ප්‍රමාණයක් ද, සුපිරි වෙළෙඳසලක් ද, ඔසුහලක් ද, හෝටල් 02ක් ද, සබන් කුඩු යන්ත්‍රයක් ද, වාහන 100කට වැඩි ප්‍රමාණයක්ද, බහුදින යාත්‍රා 07ක් ද, පාපැදි 328ක් ද, වල්ලම් 02ක් ද, ඇතුළු දේපොළ ඇති බව එම තොරතුරු විශ්ලේෂණයේදී අනාවරණය වේ.
මේසේ දේපොළ තහනම් කරන ලද අය අතර පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් 26කගේ දේපොළ ද තිබීම විශේෂිතය. වැඩිම දේපොළ ප්‍රමාණයක් තහනම් කරමින් විකිණීම, පැවරීම ආදී කටයුතු සිදු කිරීමට නොහැකි වන ලෙස ක්‍රියාවිරහිතකර ඇත්තේ දෙමටගොඩ රුවන් නමැති අයගේය. ඔහු දෙමටගොඩ චමින්දගේ සහෝදරයාය. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ තොරතුරුවලට අනුව දෙමටගොඩ රුවන්ගේ තහනම්කර ඇති දේපොළවල මුළු වටිනාකම සඳහන් වන්නේ රුපියල් 666,900,000ක් ලෙසිනි. ඊට රුපියල් කෝටි 9ක බැංකු ගිණුම් 05ක්, රුපියල් කෝටි 38ක් වටිනා ඉඩම් 02ක්, රුපියල් කෝටි 20ක් වටිනා වාහන 10ක්, රුපියල් කෝටි 2කට වැඩි වටිනාකමක් ඇති රත්තරන් කිලෝ එකහාමාරක්, රුපියල් කෝටි 4කට අධික වටිනාකමක් ඇති නිවාස 02ක්, මෙන්ම රුපියල් කෝටියකට වැඩි වටිනාකමක් ඇති උකස් පත්‍රිකා තහනමට ලක්කර ඇති දේපොළ අතර ඇතැයි නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ තොරතුරු සඳහන් කළේය.
කුඩු සළිඳු, කුඩු රොෂාන්, මොහොමඩ් රිෆ්කාන්, වැලිවිට සුදා, කරන්දෙණිය සුද්දා, ගණේමුල්ල සංජීව, ලඩියා, කැවුමා, බටුවත්තේ චාමර, බාසික්, ඕලුමරා, බතල හීන්, පරෙයි සුද්දා, කිරින්දේ චාමර ඇතුළු පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් රැසකගේ දේපොළ තහනමට ලක්ව ඇති මෙම දේපොළ අතර ඇති බව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ තොරතුරු අනාවරණය කරයි. ප්‍රධාන පෙළේ ගංජා ජාවාරම්කරුවෙක් ලෙස හඳුනාගෙන සිටින බතල හීන් නමැත්තාගේ රුපියල් කෝටි 10 දේපොළ මෑතකදී තහනම් කළ අතර ඉකුත් සතියේ දී ඔහුගේ බිරියගේ නමින් වූ තවත් රුපියල් කෝටි 03ක දේපොළ තහනම් කර තිබේ.
මෙසේ දේපොළ තහනම්කර ඇති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් රැසක්ම සිටින්නේ විදේශගතවය. බොහෝ දේපොළ ඔවුන්ගේ ඥාතීන්ගේ නම්වලින් තිබී ඇත.
මෙම දේපොළ තහනම්කර ඇත්තේ 2021 වසරේ සිට කරනු ලබන විමර්ශනයන්ට අනුවය. ඉදිරියේදී තවත් විශාල පිරිසකගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවත් ඒ අනුව එම දේපොළද තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ
dinamina.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයන් අවධාරණය කරයි.
හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (04) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් තිබේ.