හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (04) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ එළැඹෙන 18 වැනිදා දක්වා හිටපු අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටය.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.