පුවත්

e-වීසා සේවා සැපයීම විදෙස් සමාගම්වලට පැවරීම වළකමින් නියෝගයක්

e-වීසා සේවා සැපයීම විදෙස් සමාගම්වලට පැවරීම වළකමින් නියෝගයක්

විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මියන්මාරයේ රැකියා ගැන රජයෙන් අනතුරු ඇඟවීමක්

නීති විරෝධී විදෙස් රැකියා ඒජන්තවරු, මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සහ ආයතන හරහා මියන්මාරයේ රැකියා සඳහා අනීතිකව පිටත්ව ඇති ශ්‍රී ලාංකිකයින් පිරිසක් එරට ත්‍රස්තවාදී කණ්ඩායම්වල පාලනය යටතේ පිහිටි සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක නීති විරෝධි ක්‍රියාකාරකම් සඳහා බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බැවින් එරට රැකියා සඳහා නීති විරෝධී මාර්ගවලින් යාමෙන් වළකින ලෙස මෙරට රජය සියලුම ශ්‍රී ලාංකිකයින්ට තරයේ අවවාද කරයි.

Read More

ශානිගේ පෙත්සමට කමල්, දේශබන්දු අධිකරණයට

රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රිය අනතුරක් කර මරා දැමීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු පැහැදිලි කරන ලෙස ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, ජාතික පොලිස් කොමිසම සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළේය.

Read More

වසරේ පළමු මාස 06ට විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට

2023 වසරට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස 6 තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 11.3%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Read More

දිනේෂ් රනිල් වෙනුවෙන් පෙරට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි‍ ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

Read More

2024 ජනාධිපතිවරණය : ඇප තැබූ පිරිස 10 දක්වා ඉහලට

2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් දස දෙනක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Read More

වතුකර ජනතාවට සින්නක්කර ඔප්පු - වැඩපිළිවෙළ ඉදිරියට ම

වතුකරයේ ජනතාව සැබෑ ලෙස සමාජගත කිරීම වෙනුවෙන් ඔවුන් සියලු දෙනාටම සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බවත් පදිංචි ස්ථානයේ අයිතිය තවදුරටත් දීමනා පත්‍රයකට සීමා නොවිය යුතු බවත් මේ සම්බන්ධයෙන් වන ජනපති වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාවට නැංවෙන බවත් වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Read More