මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීතිවිරෝධී වත්කම් රැස්කළ 88කගේ කෝටි 400කට අධික දේපොළ තහනම්
පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස් කරගෙන ඇති පුද්ගලයන් 88 දෙනකුගේ රුපියල් කෝටි 400කට අධික දේපොළ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මේ වන විට තහනම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.