පුවත්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොදු සමාව අවභාවිත කරලා - පොලිසියෙන් නිවේදනයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

රේගුවෙන් නිදහස් කළ ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් එළියට

රේගුවෙන් නිදහස් කළ ප්‍රශ්න ගත බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් නොමැති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ය.

Read More

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩිත ජනතාවට සුබ ආරංචියක්

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් තීරණය කර තිබේ.

Read More

තරුණ සේවා සභාව සංගීතවලට වැය කළ මිලියන 538 නිලධාරීන්ගෙන් අය කරගන්න

වර්ෂ 2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 538.79ක් වැය කරමින් ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මඟින් රජයට සිදුව ඇති පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කර ගන්නැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් නිර්දේශ කර තිබේ.

Read More

කෝටි 9ක් වංචා කළ රාජ්‍ය බැංකු නිලධාරිනියන් 3ක් අත්අඩංගුවට

රුපියල් නව කෝටි 93 ලක්ෂයක මුදලක් වංචා කළ රාජ්‍ය බැංකුවක නිලධාරිනියන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනතුරුවයි.

Read More

කොළඹ – කටුනායක ගුවන් තොටුපොළ නව බස් සේවයක්

ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාවගේ පොදු ප්‍රවාහන සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා මූලික පියවරක් ලෙස කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අද (05) සිට අරඹා තිබේ.

Read More

ක්‍රිකට් තරග පාවාදීම ගැන සචිත්‍ර සේනානායකට නඩු

2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

Read More

ට්‍රම්ප්ගෙන් රටවල් 12කට තහනමක්

ජාතික ආරක්‍ෂාව පිළිබඳ අවදානම සඳහන් කරමින් රටවල් 12 ක පුරවැසියන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරන ලියවිලිවලට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

Read More