හෙට (1) සිට නොමිලේ ෂොපින් බෑග් තහනම්
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගෙන් ඉල්ලීමක් කර තිබේ.
කණ්ඩායම් බහුලව ගැවසෙන ස්ථානවල සහ රාත්‍රී කාලයේ ගමන් හා උත්සව අවස්ථා සඳහා සහභාගී වීම හා දුරගමන්වල යෙදීම තාවකාලිකව නතර කරන ලෙස තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.
එළිමහනේ දී ගැවසීමේ දී තමන්ගේ ලෙබනන් හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රයේ ඡායාපිටපතක් ලග තබා ගැනීම සිදුකරන ලෙස ද ලෙබනන් තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.