ශාරුක් ඛාන් එන උත්සවයට ටිකට් නැහැ
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයන් අවධාරණය කරයි.
හෙට (06) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සියලු කටයුතු සූදානම් බවත් මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් අනිවාර්යෙන්ම ඒ සඳහා පැමිණිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල්. රත්නායක පවසයි.
පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයන් තෝරා පත් කර ගැනෙන 2025 පළාත් පාලන ඡන්ද විමසීම හෙට (06) පෙරවරු 7 සිට සවස 4 දක්වා පැවැත්විමට නියමිත ය.
ඡන්දහිමියන් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 56,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට මෙවර සුදුසුකම් ලබා තිබේ.
පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන්න
පළාත් පාලන මැතිවරණයට අදාළව එක් එක් පළාත් පාලන ආයතන වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබෙන බවත්, පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල්. රත්නායක පැවසුවේ ය.
එම ඡන්ද පත්‍රිකාව තුළ කිසිවක් ලිවීම, ඇඳීම, නමක් ලිවීම, කුරුටුගෑම, සටහන් කිරීම නොකළ යුතු අතර එසේ කළහොත් ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කෙරෙන බව ද ඔහු සඳහන් කරයි.
එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්දදායකයන් අද (05) සහ මැතිවරණය පැවැත්වෙන හෙට (06) දිනයේදී ද තමන්ට අයත් තැපැල් කාර්යාලය වෙත ගොස් එය ලබාගත හැකි බවත් එසේ නොමැති නම් මැතිවරණ වෙබ් අඩවිය වෙත ගොස් බාගත කළ හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සඳහන් කළේ ය.
දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අද (05) උදෑසන සිට ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
දිවයින පුරා ජංගම මුර සංචාර 3216ක් ක්‍රියාත්මක බවත් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000ක් ද යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අවශ්‍යතාව පරිදි යුද හමුදා සාමාජිකයන්ගේ සහය ද ඒ සඳහා ලබා ගන්නා බවයි.
හෙට දිනයේ පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා 3,000කට ආසන්න නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට යන දෙදින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයන් අවධාරණය කරයි.
හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (04) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් තිබේ.