ලක් ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක පවසන්නේ, මෙවර අපේක්ෂිත ලුණු නිෂ්පාදනය මෙට්රික් ටොන් 40,000 ක් බවයි.
"ලංකා ලුණු සමාගමට ලේවායන් තුනක් තියෙනවා. මහලේවාය, බූන්දල සහ පලටුපාන. පලටුපාන ලේවායේ ලුණු අස්වැන්න නෙලීම මේ මස 2 වැනිදා ආරම්භ කළා. අද බුන්දල ලුණු ලේවායේ ලුණු නෙලීම ආරම්භ කළා. හෙට දින හම්බන්තොට මහලේවායේත් ලුණු අස්වැන්න නෙලීම ආරම්භ කරනවා." යැයි ලක් ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක පැවසිය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මීට මාස 18 කට පෙර හම්බන්තොට ලුණු නිෂ්පාදනය නතර කිරීමටයි එම සමාගම කටයුතු කර තිබුණි.
පසුගිය වසරේ ලුණු මෙට්රික් ටොන් ලක්ෂයක් අපේක්ෂා කළත් ලබාගැනීමට හැකි වී තිබුණේ ලුණු මෙට්රික් ටොන් 40,000ක් පමණයි.