ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි අද (24) උදෑසන 10ට නිකුත් කර ඇති අතර එම නිවේදනය ඔස්සේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වන ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ද අදාළ නිවේදනය මඟින් දැනුම් දී තිබේ.
අද (24) දින පෙ.ව. 5.30 වන විට, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශදේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇත.
එම පද්ධතිය ඉදිරි පැය 24 තුළ, තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන්ත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු, අක්ෂාංශ 05 ත් 18 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දී තිබේ.
මේ වනවිට එම ප්‍රදේශවල ධීවර කටයුතු සිදුකරමින් සිටී නම් ඔක්තෝබර් 25 වන දිනට පෙර එම මුහුදු ප්‍රදේශවලින් ඉවත් වන ලෙසත් උපදෙස් ලබාදී ඇත.
සිතියමේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දකවා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.