හෙට (1) සිට නොමිලේ ෂොපින් බෑග් තහනම්
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළේ, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බවය.
"මේ රෝගය බෝවෙන්නේ බැක්ටීරියාවකගෙන්. විශේෂයෙන් ක්ෂීරපායි සතුන්ගේ මූත්‍රා මඟින්. ඇත්තම කියනවා නම් මීයන්ගේ තමා මුත්‍රා පද්ධතියේ මේ බැක්ටීරියාව ජීවත් වෙන්නේ. මීයන් වතුර බොන අවස්ථාවන්වලදී මුත්‍රා ජලයට මුසු වෙනවා. එහෙම නැත්නම් පසට මුසුවෙනවා. ඒ පසෙන් හෝ ජලයෙන් අපි නිරාවරණය වුණොත් මිනිස්සුන්ට මේ රෝගය බොහෝදුරට වැලඳෙනවා. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තහම රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල මේ රෝගීන් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ එක්කම අවධානම් කණ්ඩායම් ගැන අපි කතා කළොත් වී ගොවීන්, සමහර දිස්ත්‍රික්කවල පතල් කර්මාන්තයේ නියැලෙන අය, ගංවතුරට ආවරණය වුණොත් සහ කීරකොටුවල වගා කටයුතු නියැලෙන්නන් පෙන්වා දිය හැකියි."
මේ අතර මේ දිනවල ළමුන් අතර පැතිර යන උණ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේ දී කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න මෙලෙස පැහැදිලි කළේය.
"මේ දවස්වල ළමයින්ගේ අතර තද උණ රෝග පැතිරෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. මොකද මෝසම් වැසි සමඟ උණ රෝග කිහිපයක් පැතිරෙනවා. හැම අවුරුද්දේම. ඒවට අපි කියන්නේ සවර් ෆීවර් කියලා. ඒ ප්‍රධාන කාණ්ඩයේ අපිට වැදගත්ම වෙන්නේ ඩෙංගු, මී උණ, ඉන්ෆ්ලුවෙන්සා සහ විකුන්ගුන්යා මෙන්ම උණ සමඟ එන පාචනය. මට දෙන්න ඕන ලොකුම පණිවුඩය තමා දරුවාට තද උණ සමග වමනය යනවා නම්, බඩ රිදෙනවා නම්, මුත්‍රා පිටවීමේ අඩුවක් තියෙනවා නම් බල බල ඉන්න එපා ඉස්පිරිතාලෙකට යොමු වෙන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.