ශාරුක් ඛාන් එන උත්සවයට ටිකට් නැහැ
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයන් අවධාරණය කරයි.
“පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)” යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ව්‍යාජ ලිපියක් සම්බන්ධව මහජනතාව දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ලිපිය යොමු කරන ලද ආයතනය ලෙස සඳහන් “Cyber Crime Headquarters Colombo, Sri lanka” නමින් ආයතනයක් ශ්‍රී ලංකාව තුළ නොවන අතර මෙහි දක්වා ඇති තනතුරු හෝ කරුණු ශ්‍රී ලංකා පොලීසිය මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද, අසත්‍ය හා විකෘති කරන ලද කරුණු බව ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවට තවදුරටත් දන්වා සිටී.
ඉහත “විශ්වාස කිරීම (CONVICTION)” නම් ඉංග්‍රීසි ලිපිය උපයෝගී කරගෙන මුදල් ඉල්ලමින් මහජනතාව නොමඟ යවා අපහසුතාවයට පත් කරන බවද මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලීසිය දැනුම්දෙයි.
ඒ අනුව, එම ලිපිය කෙරෙහි විශ්වාසය තබා කිසිදු ආකාරයක මුදල් යොමු කිරීමක් සිදු නොකළ යුතු අතර මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලීසිය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයන් අවධාරණය කරයි.
හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (04) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් තිබේ.