මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියයයි - 38ක් අතුරුදහන්
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිසුන් සහ පොලිසිය අතර ප්රචණ්ඩ ගැටුම් අඛණ්ඩව පැවතීම නිසා මුළු බංග්ලාදේශයටම අධි ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
රජය විසින් ලබාදෙන රැකියා කෝටාවට එරෙහිව බංග්ලාදේශයේ ඩකා නුවර දී ඇවිලුණු මෙම විරෝධතා නිසා ඊයේ (18) දිනයේ දී අවම වශයෙන් 32 දෙනකු හෝ මියගොස් ඇති බව AFP පුවත් සේවය වාර්තා කරයි.
ඩකා අගනුවර සම්පූර්ණයෙන්ම පාහේ අන්තර්ජාල අවහිර කර ඇති අතර දුරකථන මාර්ග ද අක්‍රිය වී ඇත.
බ්‍රහස්පතින්දා සවස දහස් ගණනක් විරෝධතාකරුවන් රාජ්‍ය රූපවාහිනී සේවය වන BTV ආයතනය තුළ ට කඩා වැදී, ගෘහ භාණ්ඩ විනාශ කරමින්, ජනෙල් සහ විදුලි පහන් කඩා බිඳ දමා එහි කොටස් වලට ගිනි තැබූහ.
බංගලාදේශයේ ප්රවෘත්ති අමාත්‍යවරයා BBC පුවත් සේවයට පවසා තිබුණේ විකාශන කටයුතු නවතා දමා ඇති බවත් බොහෝ සේවකයින් අගනුවර පිහිටි ගොඩනැගිල්ලෙන් පිටව ගිය බවත් ය.
1971 පාකිස්ථානයෙන් බංග්ලාදේශය නිදහස් කර ගැනීමට සටන් වැදුණු විරුවන්ගේ ඥාතීන්ට 30%ක ප්‍රමාණයක් රාජ්‍ය අංශයේ රැකියා වෙන්කිරීමේ කෝටාව අහෝසි කර ක්‍රම වෙනසක් සිදු කරන මෙන් ඉල්ලා රැකියා විරහිත සිසුන් ආරම්භ කළ විරෝධතා දින ගණනක් පුරා පැවැත්වේ.
බංග්ලාදේශයේ විරෝධතා උත්සන්න වෙයි : අන්තර්ජාල සබඳතා අත්හිටුවයි
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සහ ඊශ්‍රායලය රටවල් දෙකම තමන් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය උල්ලංඝනය කළ බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.