CLOSE

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (14) උදෑසන ට එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව පුද්ගලයන් 184දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටියි.

පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වූ අතර පවුල් 391,401 කට අයත් 1,364,481දෙනෙකු ඉන් පීඩාවට පත්ව සිටී.

සම්පූර්ණ හානියට පත් නිවාස සංඛ්‍යාව 6164ක් වන අතර අර්ධ වශයෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 1,12,110 කි. මෙම සංඛ්‍යා තවමත් යාවතකාලින වෙමින් පවතී.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.