මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියයයි - 38ක් අතුරුදහන්
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ස්ත්‍රියගේ භූමිකාව සමාජය තුළ ක්‍රමයෙන් ප්‍රමුඛස්ථානයට පත්වීම පුරුෂයින්ගේ සියදිවි නසා ගැනීම්වලට හේතුවන බවට දකුණු කොරියානු දේශපාලකයෙක් සිදු කළ භයානක සහ සනාථ කළ නොහැකි අදහස් දැක්වීම එරට තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ.
සෝල් නගර සභා සභික කිම් කි-ඩක් ප්‍රකාශ කර තිබුණේ ඉකුත් වසර කිහිපය පුරා ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය ඉහල යාම නිසා පුරුෂයින්ට රැකියා ලබා ගැනීම සහ ඔවුන් විවාහ කර ගැනීමට කැමති කාන්තාවන් සොයා ගැනීම දුෂ්කර වී ඇති බවයි.
රට මෑතකදී “කාන්තා ආධිපත්‍යයෙන් යුත් සමාජයක් බවට පරිවර්තනය වීමට පටන් ගෙන ඇති” බවත් එය “පිරිමි සියදිවි නසාගැනීමේ උත්සාහයන් වැඩිවීමට අර්ධ වශයෙන් වගකිව යුතු” බවත් ඔහු පැවසීය.
දකුණු කොරියාව ලෝකයේ ධනවත් රටවල් අතර ඉහළම සියදිවි නසාගැනීම් අනුපාතයක් ඇති රටක් වන අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ අඩු සැලකිල්ලක් දක්වන රටක් ලෙස සැලකේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සහ ඊශ්‍රායලය රටවල් දෙකම තමන් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය උල්ලංඝනය කළ බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.