මියයන විට 88 හැවිරිදි වියේ පසුවූ ලයනල් ප්‍රනාන්දු උතුරු-නැඟෙනහිර ගැටුම් ආරම්භ වීමේ මුල් කාලයේ යාපනයේ දිසාපති ලෙසද කටයුතු කළේය.
ඔහු ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහගේ ස්වාමියාවූ අතර රංගන ශිල්පිනී කෞෂල්‍යා ප්‍රනාන්දු සහ ශාමලිකා යන දියණින්ගේ පියාණන් විය.
විශිෂ්ට රංගන ශිල්පියකුද වූ ඔහු මහගෙදර, තිලක හා තිලකා, පරසතුරෝ වැනි සිනමාපටවල රඟපෑ ඔහු, එදිරිවීර සරච්චන්ද්‍රයනගේ මනමේ නාට්‍යයේ මුල් නිෂ්පාදනයේ වැදි දෙටු ලෙසද රංගනයෙන් දායක වූ අයෙකි.
ඔහුගේ දේහය අද (08) උදෑසන 09.00 සිට බොරැල්ලේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ.