මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියයයි - 38ක් අතුරුදහන්
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුර්කියේ බොලු හි සීත ක්‍රීඩා සඳහා වෙන්වූ නිවාඩු නිකේතනයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 66 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 51 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මහල් 12 කින් යුත් ග්‍රෑන්ඩ් කාර්ටාල් හෝටලයේ එරට වේලාවෙන් පෙරවරු 3.47ට පමණ ගින්න හටගෙන ඇති අතර, නිවාඩු කාලයක් බැවින් පුද්ගලයින් 234 දෙනෙකු එහි නවාතැන් ගෙන සිට ඇත.
ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. හෝටලයේ ජනේලවලින් පැනීමෙන් අවම වශයෙන් දෙදෙනෙකු මිය ගිය බව තුර්කි වාර්තා පවසයි.
හෝටලයේ සිව්වන මහලේ අවන්හල් කොටසේ ගින්න හටගෙන ඉහළ මහල්වලට පැතිර ගොස් ඇති බව මූලික වාර්තාවලින් පෙනී යන්නේ යැයි බොලු ආණ්ඩුකාර අබ්දුලාසීස් අයඩින් පැවසීය.
මුදා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු වන අතර, ගිනි නිවීම සඳහා හදිසි සේවා මගින් පුද්ගලයින් 267 දෙනෙකු යොදවා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සහ ඊශ්‍රායලය රටවල් දෙකම තමන් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය උල්ලංඝනය කළ බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.