මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියයයි - 38ක් අතුරුදහන්
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායලය අද(26) අලුයම ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවේ ඉලක්කය ඉරානයේ මිසයිල නිෂ්පාදනාගාර බව හෙළිවී තිබේ.
ඊශ්‍රායලය පවසන්නේ පසුගිය වසරේ ඉරානය තමන් වෙත එල්ල කළ මිසයිල නිෂ්පාදනය සඳහා යොදාගත් මධ්‍යස්ථානවලට එම ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි.
ප්‍රහාරයෙන් සිදුවූ හානි සීමා සහිත බව ඉරානය පවසයි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවසුවේ 2023 ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායලයට විටින් විට ප්‍රහාර එල්ල කරන ඉරානයේ “හමුදා ඉලක්ක වෙත නිශ්චිත ප්‍රහාර” ක්‍රියාත්මක කරන බවයි.
ඉරාන ගුවන් ආරක්ෂන පද්ධතියද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවල ඉලක්කයක් වී ඇතැයි BBC පුවත් සේවය පවසයි.
මේ අතර නැවත දැනුම් දෙන තුරු සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇති බව ඉරාන ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ ය..
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සහ ඊශ්‍රායලය රටවල් දෙකම තමන් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය උල්ලංඝනය කළ බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.