මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියයයි - 38ක් අතුරුදහන්
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් පැරිසියට උතුරින් පිහිටි ගුවන් තොටුපළකදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ල බූගේ ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු ඩුරොව් අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
නිලධාරීන්ට අනුව 39 හැවිරිදි ප්‍රකෝටිපතියා අත්අඩංගුවට පත්ව ඇත්තේ ටෙලිග්‍රෑම් යෙදුමට සම්බන්ධ චෝදනා සඳහා වරෙන්තුවක් යටතේ යි.
පරිපාලකවරුන් ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතර, ටෙලිග්‍රෑම් යෙදුමේ සාපරාධී භාවිතයන් මැඩලීමට පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවට ද ඩුරොව් ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම, ළමා ලිංගික අන්තර්ගත සහ වංචා සම්බන්ධයෙන් පවතින නීති යටතේ ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම ගැන මින්පෙර මෙම යෙදුමට චෝදනා එල්ල වී
තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සහ ඊශ්‍රායලය රටවල් දෙකම තමන් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය උල්ලංඝනය කළ බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.