මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියයයි - 38ක් අතුරුදහන්
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය අමතර යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා මැද පෙරදිගට යොදවනු ඇති බව එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය) නිවේදනය කරයි.
හමාස් සංවිධානයේ ප්‍රධානි ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් හිදී ඝාතනය කිරීම සහ ලෙබනන් සටන්කාමී සංවිධානයක් වන හිස්බුල්ලාහි ප්‍රධාන අණදෙන නිලධාරියා ඝාතනය කිරීමත් සමඟ කලාපය තුළ ආතතිකාරී තත්වය ඉහල ගොස් ඇත.
මිසයිල ආරක්ෂක හමුදා සූදානමින් තබා ඇති අතර "යකඩ පළිහක්" සේ ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට සූදානම් බව පෙන්ටගනය පවසා තිබේ.
බැලස්ටික් මිසයිල ආරක්ෂණ හැකියාව ඇති අතිරේක යුද නැව් ද ඇතුළත් මෙම නව යෙදවීම් "එක්සත් ජනපද හමුදා ආරක්ෂණය වැඩි දියුණු කිරීම... ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා සහාය දීම සහ විවිධ හදිසි අවස්ථා වලට ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජනපදය සූදානම් බව සහතික කිරීම," සිදු කරනු ඇති බව පෙන්ටගනය වැඩිදුරටත් පවසා තිබේ.
ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි විසින් හනියේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එරෙහිව "දැඩි දඩුවම්" ලබා දෙන බවට ප්‍රතිඥා දී ඇති අතර දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය ඍජුව අදහස් දක්වා නොමැත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සහ ඊශ්‍රායලය රටවල් දෙකම තමන් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය උල්ලංඝනය කළ බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.