මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියයයි - 38ක් අතුරුදහන්
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ ටෙහෙරාන් හිදී මරා දැමුණු හමාස් සංවිධානයේ ප්‍රධානි ඉස්මයිල් හනියේගේ අවමංගල්‍ය පෙරහැරට දහස් ගණනක් ජනතාව සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් හමාස් නායකයා වෙනුවෙන් යාඥා මෙහෙයවිය. ඉස්මයිල් හනියේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කටාර්හි සිදු කිරීමට නියමිතය.
ඉරාන භූමියේ සිදුවූ ඝාතනයට වගකිව යුතු බව පැවසෙන ඊශ්‍රායලයට එරෙහිව සෘජු ප්‍රහාර එල්ල කිරීමට උත්තරීතර නායකයා නියෝග කර ඇතැයි ඉරාන බලධාරීන් උපුටා දක්වමින් එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය ඍජුව අදහස් දක්වා නොමැත.
තවත් හමාස් ප්‍රධානියෙක් මරා දැමේ
හමාස් හමුදා ප්‍රධානී මොහොමඩ් ඩීෆ්, පසුගිය මාසයේ ගාසා තිරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ඊශ්‍රායල හමුදාව පවසයි.
ජුලි 13 වෙනිදා ඛාන් යුනිස් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් ඩීෆ් මියයන්නට ඇති බව පැවසේ. කෙසේ වෙතත්, හමාස් සංවිධානය තවමත් ඔහුගේ මරණය තහවුරු කර නොමැත.
මොහොමඩ් ඩීෆ් යනු, පුද්ගලයන් 1200ක් මිය ගොස් 251ක් ප්‍රාණ ඇපයට ගත් දකුණු ඊශ්‍රායලයට එල්ලවූ ඔක්තෝම්බර් 7 ප්‍රහාරය සැලසුම් කිරීමට වගකිව යුතු එක් පුද්ගලයෙක් බවයි ඊශ්‍රායලය පවසන්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සහ ඊශ්‍රායලය රටවල් දෙකම තමන් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය උල්ලංඝනය කළ බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.