හෙට (1) සිට නොමිලේ ෂොපින් බෑග් තහනම්
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
ඊයේ සවස (28) හත්තාන කදු මුදුන නැරඹීමට ගොස් අතරමන් වී සිටි මහනුවර, රටේමුල්ල ප්‍රදේශයේ අවුරුදු 12 ත් 24 ත් අතර වයසේ පසුවන ළමුන් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුදා ගැනීමට යුද හමුදාව සහ පොලීසියට හැකි වී තිබේ.
පැවති මීදුම සහ වැසි හමුවේ මෙම කණ්ඩායමට නැවත පැමිණීමට මග සොයා ගැනීමට නොහැකිව අතරමන් වී තිබූ අතර ඔවුන් ඒ පිළිබඳව මව්පියන්ට දැනුම්දීමෙන් පසු යුද හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් සිදුකර ළමුන් පිරිස සොයා ගෙන ඇත.
මුදාගත් ළමුන් පේරාදෙණිය රෝහලට යොමු කළ අතර ඔවුන්ගේ තත්ත්වය සාමාන්‍ය බව වාර්තා වෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.