ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.
2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව අද දිනයේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙසේය,
බිමල් නිරෝෂන් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය
අනුර කරුණාතිලක - වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ - නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
ටී.බී. සරත් - නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
එම්.එම්. මොහොමඩ් මුනීර් - ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
එරංග ගුණසේකර - නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
වෛද්‍ය මුදිත හංසක විජයමුණි - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
අරවින්ද සෙනරත් විතාරණ - ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
එච්.එම්. දිනිදු සමන් කුමාර - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.