2025 – 2027 ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර පැතුම් නිස්සංක , ඕෂද ප්‍රනාන්දු , දිනේෂ් චන්දිමාල් , ඇන්ජලෝ මැතිව්ස් , කුසල් මෙන්ඩිස් , කමිදු මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත්.
නවක ක්‍රීඩකයන් වන සොනාල් දිනුෂ , පවන් රත්නායක , තරිදු රත්නායක , පසිදු සුරියබණ්ඩාර , ඉසිත විජේසුන්දරද 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන අවසන් තරගය මෙයයි..