සබරගමුවේ විශේෂ පොලිස් මෙහෙයුමකින් 120ක් අත්අඩංගුවට
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පොලිසිය විසින් පුද්ගලයන් 120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම මස අවසන් වීමට ප්‍රථම එම තොරතුරු ලබාදෙන ලෙස පවසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවසන් නිවේදනය නිකුත් කර තිබේ.
මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ලබාදෙන ලෙස පවසමින් ජනාධිපති ලේකම්වරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරියට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ලිපියක්ද යොමුකර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශය පාර්ලිමේන්තු මහ ලේකම්වරියටත් කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශය ජනාධිපති ලේකම්වරයාටත් ලබාදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.
එසේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ වැටුපෙන් තුනෙන් එකක අධිභාරයක් පැනවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලය තිබේ.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පොලිසිය විසින් පුද්ගලයන් 120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ට පිටතින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත් අඩංගුවට ගෙන තිබේ.