බංග්ලාදේශ ඇඟලුම් කම්හලක ගින්නකින් 16ක් මරුට
බංග්ලාදේශයේ ඩකා නුවර ඇඟලුම් කම්හලක ඇති වූ විශාල ගින්නකින් අවම වශයෙන් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර, මියගිය පිරිස ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
තම රටේ රජයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විරෝධතා පැවැත්වූ බංග්ලාදේශ ජාතිකයින් 57 දෙනෙකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධිකරණයක් විසින් දීර්ඝ සිරදඬුවම් නියම කර තිබේ.
"සිකුරාදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීදි කිහිපයක කැරලි ඇති කිරීම" සම්බන්ධයෙන් නම් නොකළ විත්තිකරුවන් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර තවත් 53 දෙනෙකුට වසර 10 ක් සහ එක් අයෙකු වසර 11 කට සිරගත කර ඇති බව වාම් පුවත් සේවය වාර්තා කර ඇත.
විරෝධතාවල සාපරාධී චේතනාවක් නොමැති බවත් සාක්ෂි ප්‍රමාණවත් නොවන බවත් පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරයා ඉරිදා පැවති නඩු විභාගය අතරතුරදී තර්ක කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාකලාපය “කුඩා ප්‍රමාණයේ මහජන විරෝධයක් කෙරෙහි දැක්වූ අන්ත ප්‍රතිචාරයක්” ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් හෙළා දැක තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශයේ ඩකා නුවර ඇඟලුම් කම්හලක ඇති වූ විශාල ගින්නකින් අවම වශයෙන් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර, මියගිය පිරිස ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
දකුණු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියක දී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 39 දෙනෙකු මියගිය සිදුවීමෙන් පසු ඉන්දීය පොලිසිය ඔහුගේ දේශපාලන පක්ෂයේ නායකයන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කර තිබේ.
සැත්කමක් සඳහා රෝගියෙකු නිර්වින්දනය කිරීමෙන් පසු එම රෝගියා සැත්කම් මේසය මත සිටියදීම, හෙදියක් සමඟ ලිංගිකව හැසිරීමට වෙනත් කාමරයකට ගිය වෛද්‍යවරයෙක් ගේ ක්‍රියාව එක්සත් රාජධානියේ වෛද්‍ය විනිශ්චය සභාවක් විසින් විභාග කර තිබේ.