උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මුඛ පිළිකා රෝගය හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් තිදෙනෙකු මියයන බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වසරකට 3,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් වාර්තා වන බවය.
අදට (20) යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මුහුණ, මුඛ, හනු පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක මෙම අදහස් පළ කළේය.
"දැනට ලංකාවේ පිරිමින් අතර, බහුතම පිළිකා විශේෂය තමා මුඛ පිළිකා. සාමාන්‍යයෙන් අවුරුද්දකට 3,000කට ආසන්න ප්‍රමාණයක්. අලුත් මුඛ පිළිකා රෝගීන් ලංකාවේ හඳුනාගන්නවා. ශෝචනීය තත්ත්වය තමා මුඛ පිළිකා නිසා අඩුම ගානේ සාමාන්‍ය වශයෙන් දවසකට අපේ රටේ තුන්දෙනෙක් මියයනවා. අපිට තියෙන වැදගත්ම දේ තමා මේ මුඛ පිළිකා කියන තත්ත්වය අපිට පහසුවෙන්ම පාලනය කරගන්න පුළුවන්. එක හේතුවක් තමා අපි හඳුනාගෙන තියෙනවා මුඛ පිළිකාවලින් අති විශාල ප්‍රමාණයක් හඳුනාගත් සාධක නිසා ඇති වෙන්නේ. එකක් තමා දුම්කොළ සහ දුම්කොළ ආශ්රිත නිෂ්පාදන. හපන්න ගන්න දුම්කොළ විදියට. පුවක් පිළිකා කාරකයක් බවට සාධනීයව ඔප්පු කරලා තියෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.