මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 60 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී යෝජනාවක් ගෙන එන බවට නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් බීබීසී සිංහල සේවය වාර්තා කරන්නේ කැනඩාව සහ එක්සත් රාජධානිය එක්ව මෙම යෝජනාව ගෙන එන බවට දේශීය මාධ්‍ය වාර්තා කර තිබුණත්, කැනඩාවෙන් එවැනි දැනුම්දීමක් මෙතෙක් සිදු කර නොමැති බව ය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ 60 වන සැසි වාරය සැප්තැම්බර් මස 08 වන දා සිට ඔක්තෝබර් 08 වන දා දක්වා ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහභාගී වනු ඇත.
එවැනි වාර්තාවක් යෝජනාවක් පැමිණියහොත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශවයෙන් අමාත්‍ය විජිත හේරත් කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවත් එම අමාත්‍යංශ ප්‍රකාශකයා බීබීසී සිංහල සේවයට පවසා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.