උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කිසිදු ලියවිල්ලක් නොමැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
ජනාධිපති සමාව අනීතිකව යොදාගනිමින් බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී මේ සම්බන්ධව හෙළිවී ඇත.
ඊට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ද මේ වනවිටත් සිටින්නේ බන්ධනාගාරගතවය.
නිදහස් කර ඇති එම පිරිස විවිධ කාණ්ඩ යටතේ නිදහස් කර ඇති අතර ඔවුන් නිදහස් කර ඇත්තේ, කුමන පදනමකින්ද යන්න පිළිබඳ ද සොයා බලන බව විමර්ශන නිලධාරීන් පවසයි.
මෙවන් පසුබිමක මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, ජනාධිපති සමාව හිමිවූ පුද්ගලයන් 37 දෙනෙකු නිදහස් නොකිරීම සම්බන්ධයෙන් ද වාර්තාවී ඇති බවය.
මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුළුල් ප්රතිසංවිධානයකට ලක් කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
සියලුම බන්ධනාගාර අධිකාරීවරු එළැඹෙන 23වනදා කොළඹට කැඳවා විෂයභාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
එදිනම පස්වරුවේ වැඩබලන බන්ධනාගාර කොමසාරි ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුහුණදී ඇති වත්මන් තත්ත්වය පිළිබඳ එහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇත.
එමෙන්ම ඉදිරියේදී සියලුම බන්ධනාගාර අධිකාරීවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බවද වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.