රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ප්‍රනීත ආහාර වේලක්
රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
අපනයනට වෙළඳාම අරමුණු කරගනිමින් ගංජා වගා කිරීම ඒ ආශ්රිත ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා උනන්දුවක් දක්වන දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක්ව ව්‍යාපෘති යෝජනා කැඳවා තිබේ.
අපනයන අරමුණු කරගනිමින් ගංජා වගාව මත පදනම් වූ ඖෂධ හා ඒ ආශ්රිත නිශ්පාදන සඳහා ලෝකයේ පවතින ඉල්ලුම සැළකිල්ලට ගෙන මෙම ව්‍යාපෘති යෝජනා කැඳවන බවයි ආයෝජන ප්‍රවර්ධන අමාතයාංශය පවසයි
මෙම ව්‍යාපෘතිය ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ හා ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධ විශය පථයට අයත් බවත් මෙම වගාව හා නිෂ්පාදන කටයුතු අධීක්ෂනය මෙන්ම ඒ හා සම්බන්ධ සම්පූර්ණ ක්‍රියාවලියම නියාමනය කිරීම හා බලපත්‍ර නිකුත් කිරීම ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බවත් සඳහන්ය.
ව්‍යාපෘති යෝජනා සලකා බැලීමෙන් පසු අදාල නිර්ණායක සපුරන ආයෝජකයන්ට ගංජා වගාව සහ ඒ ආශ්රිත නිෂ්පාදන සඳහා වූ ව්‍යාපෘති සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් බලපත්‍ර ලබා දීම සිදු කිරීමට නියමිත බවත් සඳහන් වේ.
මෙම ව්‍යාපෘති යෝජනා ආයෝජන මණ්ඩලයේ ආයෝජන ඇගයීම් දෙපාර්තමේන්තුව වෙත ජුලි 10 දක්වා බාරගන්නා බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි.
srilanka mirror
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයන් අවධාරණය කරයි.