මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
විශාලත්වයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ දෙවැනි තැන ගන්නා යුද පීඩිත උතුරෙන් මේ වසරේ මුලදී හමුවූ සමූහ සුසාන සංකිර්ණයෙන් අද වන විට හඳුනා ගෙන ඇති මිනිස් සිරුරු ප්‍රමාණය දෙසීය ඉක්මවා තිබේ.
දෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ 39 වැනි දිනය වු අගෝස්තු 31 වැනි ඉරිදා දහවල් වන විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් තවත් පුද්ගලයන් දොලොස් දෙනකුට අයත් අස්ථි අලුතින් මතු කරගැනීමත් සමග සමුහ සුසානයෙන් මේ වන විට පුද්ගලයන් 209 දෙනකුට අයත් අස්ථි මතු කරගෙන ඇති බවයි වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ.
අද දිනයේ අලුතින් හදුනාගත් මිනිස් අස්ථි 12 අතර කුඩා දරුවන් කිහිප දෙනකුගේ බවට සැක කළ හැකි අස්ථිද එහි ගිය මාධ්‍යවේදීන් දැක තිබේ. ඒ සම්බන්ධයෙන් විමසු මාධ්‍යවේදීන්ට නීතිඥ වී එස් නිරංජන් පවසා ඇත්තේ ඒ බව සැකහැර දැනගත හැකිවන්නේ වෝහාරික පරීක්ෂණයකින් පසු බවයි.
"හිස් කබල් තුනක් සමග මිනිස් සිරුරු කොටස්, ගොඩගසා තිබී හමු උනා. ඒවා කැණීම් කරලා ගොඩ ගත්තා. "
චෙම්මනි සමුහ සුසාන සංකීර්ණයෙන් මේ වන විට කුඩා දරුවන්ගේ ඇතුළු පුද්ගලයන් 191 දෙනකුට අයත් ඇටසැකිලි ගොඩ ගෙන තිබේ.
සමූහ මිනීවල පිහිටි සිද්ධුපත්ති සුසාන භුමියේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීමට යෑමේදී 2025 වසරේ පෙබරවාරි 13 වැනිදා මිනිස් අස්ථියක් හමුව තිබුනි.
එම අස්ථි කොටස් පරීක්ෂාව සඳහා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් සමග පැමිණි මහේස්ත්‍රාත් ඒ ඒ ආනන්දරාජා විසින් ඒවා මිනිස් සිරුරු කොටස් දැයි විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට භාරදෙන ලෙස පෙබරවාරි 20 වැනිදා පොලිසියට නියෝග කළේය.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28ක ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.