උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ජූනි 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ, පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.
"දිස්ත්‍රික්ක 16ක සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 111ක නැවතත් මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරනවා. මෙහිදී අවධානම් පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කරන්න අපේ කණ්ඩායම් එනවා. එහිදී ඔබ අපරික්ෂාකාරී ලෙස මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගියොත් රතු නිවේදන නිකුත් කිරීම සහ නීතිමය කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා."
මේ අතර දිවයින පුරා ඩෙංගු රෝගීන් 26,000කට අධික පිරිසක් මේ වන විට වාර්තා වි ඇති බවත් මේ වනවිට ළමා මරණ එකක් වාර්තා වී ඇති අතර, රෝගීන්ගෙන් 45%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළාය.
"ලංකාව පුරා ඩෙංගු රෝගීන් 26,775ක් සහ ඩෙංගු මරණ 14ක් සිදුව තිබෙනවා. බස්නාහිර, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වල රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.