මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ ඊයේ (5) රාත්‍රියේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් පුද්ගලයිත් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බව පොලීසිය පැවසීය.
පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම පිරිසට ළමුන් 5 දෙනෙකුද අයත් ය.
විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථයකි.
පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව,ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසින් එක්විය.
අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 30කට වැඩි පිරිසක් බස් රථය තුළ සිට ඇති බව සඳහන් ය.
කෙසේවෙතත් බස් රථය අනතුරට පත් ස්ථානයේ පැවැති දැඩි බැවුම් සහිත තත්ත්වය හේතුවෙන් පිරිස මුදා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව පොලීසිය පැවසීය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.