අජිත් තිලකසේන යනු කවු ද?
අජිත් තිලකසේන ගැන මුහුණු පොතේ සංවාදයක් ඇති වීම සාධනීය කරැණක්. වත්මන් පරපුර ඔහු ගැන නොදැනීම ඔවුන්ගේ වරදක් නොවේ. උසස් පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා වූ කෙටි කතා එකතුවේ ඔහුගේ එකදු කෙටි කතාවක් හෝ නැහැ. 'වතුර' නැමැති කෙටි කතාව එක් කලක දී ඇතුළත්ව තිබුණ නමුත් බෙල්ලන්විල විමලරතන නැමැති භික්ෂුවක විසින් ඉදිරිපත් කළ පෙත්සමක් නිසා එය ඉවත් කරගෙන තිබෙනවා.