පකිස්ථානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් : තිදෙනෙක් මරුට
පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
ප්‍රධාන පෙළේ බැංකු, මාධ්‍ය ආයතන, රෝහල් සහ ගුවන් සේවා ඇතුළු ලොව පුරා රටවල් රැසක ආයතන සමූහයක මහා පරිමාණ තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇලස්කාවේ හදිසි සේවා මෙයින් බලපෑමට ලක්ව ඇති බවත්, එරට ගුවන් සමාගම් කිහිපයක් ලොව පුරා සිය ගුවන් ගමන් නවතා ඇති බවත් නිවේදනය කර තිබේ.
ජර්මනියේ ලියුබෙක් සහ කියෙල් නම් නගර දෙකෙහි පිහිටි රෝහල් දෙකක හදිසි නොවන ශල්‍යකර්ම නවතා දමා ඇත.
මෙයින් වැඩිම බලපෑමක් ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය විකාශන කටයුතුවලට එල්ල වී ඇති බව වාර්තා වේ.
පැරිස් ඔලිම්පික් තොරතුරු තාක්ෂණ පද්ධතියට ද මෙයින් බලපෑම් එල්ල වී ඇති බව ඔලිම්පික් කමිටුව පවසයි.
මෙම තත්ත්වය ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය සම්බන්ධ දෝෂයක් නිසා ඇතිවූවක් බවට වාර්තා පළ වෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
පසුගිය වසරේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට එරෙහිව දරුණු මර්දනයක් ගෙන යාම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනාට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.
මෙක්සිකෝ අගනුවර පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකු - ඔවුන්ගෙන් 100 දෙනෙකු පොලිස් නිලධාරීන් - තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.