අවසන් තරග පරාජයත් සමඟ ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
2024 ඔලිම්පික් තරගාවලියේ සමාරම්භය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11ට ආරම්භ කිරීමට නියමිත ය.
ඔලිම්පික් ඉතිහාසයේ මුල් වරට සමාරම්භක උත්සවය ක්‍රීඩාංගණයක නොපැවැත්වෙන අතර ඒ වෙනුවට ලොව සෑම ජාතියක්ම නියෝජනය කරමින් ප්‍රංශයේ සෙයින් නදිය ඔස්සේ බෝට්ටු 100කට ආසන්න ප්‍රමාණයක පෙළපාළියකින් සමාරම්භක උලෙළ වර්ණවත් කිරීමට සැලසුම් කොට තිබේ. ක්‍රීඩා උලෙළට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම රටවල ජාතික ධජ ප්‍රදර්ශනය කරමින් එම බෝට්ටුවල නැඟී ගමන් කිරීම විශේෂත්වයක් වේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ක්‍රීඩා උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් ක්‍රීඩා උලෙළ විවෘත කිරීමට නියමිතය.
ලොව රටවල් 206කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10,500 ක් මෙවර ඔලිම්පික් උලෙළට එක්ව සිටින අතර, එයින් බොහෝ දෙනෙක් අද පැවැත්වෙන සමාරම්භක උලෙළට එක්වීමේ සූදානමින් සිටිති. ස්වේච්ඡා සේවකයන් 45,000ක් සහ ලොව ප්රමුඛ පෙළේ මාධ්‍යවේදිහු 20,000ක් පැරිස් ක්‍රීඩා මාධ්‍ය ආවරණයට එක්ව සිටිති. දින 18ක් පුරා ක්‍රීඩා ඉසව් 32කට අදාළව රන් පදක්කම් 329ක් බෙදා දීමට මෙවර ඔලිම්පික් උලෙළේ කටයුතු සූදානම් කොට ඇත.
ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6ක් හා නිලධාරීහු 9ක් මේ වන විට ක්‍රීඩා ගම්මානයට පැමිණ සිටින අතර, ශ්‍රී ලංකා ධජය රැගෙන හෙල්ල විසි කිරීමේ ශූරී දිල්හානි ලේකම්ගේ ඇතුළු කණ්ඩායම සමාරම්භක උලෙළේ ගමන් කිරීමට සූදානමින් සිටිති.
පැරිස් නුවර මේ වන විට දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
ප්‍රකට පාපන්දු තරුවක් වන ලියොනාල් මෙසී අද (13) පෙරවරුවේ කොල්කටාහි සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයට පැමිණ කෙටි වේලාවකින් ඉන් පිටව යෑම හේතුවෙන් උරණ වූ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණයට බෝතල් සහ පුටු විසිකර මහත් කලබැගෑනියක් ඇතිකර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (16) පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී පැවැත්වේ.