අවසන් තරග පරාජයත් සමඟ ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (22) සමත් විය.
ඒ, මලයාසියානු කාන්තා කණ්ඩායම ලකුණු 144කින් පරාජය කරමින්.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 184ක් රැස්කළා.
එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 119ක් රැස්කිරීමට සමත් වුණා.
ඇය එම ශතකය රැස් කර තිබුණේ, හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් එල්ල කරමින්.
එය අසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගයක රැස්කළ පළමු ශතකයද වනවා.
ලකුණු 185ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මලයාසියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 40ක් පමණයි.
පන්දු යැවීමේදී ශෂිනි ගිම්හානි කඩුලු 03ක් දවාගත්තා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
ප්‍රකට පාපන්දු තරුවක් වන ලියොනාල් මෙසී අද (13) පෙරවරුවේ කොල්කටාහි සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයට පැමිණ කෙටි වේලාවකින් ඉන් පිටව යෑම හේතුවෙන් උරණ වූ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණයට බෝතල් සහ පුටු විසිකර මහත් කලබැගෑනියක් ඇතිකර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (16) පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී පැවැත්වේ.