හෙට (1) සිට නොමිලේ ෂොපින් බෑග් තහනම්
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
දැනට එක්සත් රාජධානියේ කෞතුකාගාරයක තැම්පත් කර තිබෙන මෙරටට අයත් පුරාවස්තුවක් වන තාරා දෙව්දුවගේ පිළිමය නැවත ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.
ජාතික පුරාවිද්‍යා දිනය නිමිත්තෙන් පැවති පුරාවිද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරටින් කොල්ලකන ලද පුරාවස්තු නැවත ලබා දීම සම්බන්ධයෙන් නෙදර්ලන්ත රාජ්‍යයට ස්තූතිවන්ත වන බවත් එම පුරාවස්තු වල දෙවන කොටසද ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ය.
ක්‍රිව 8 වන සියවසට අයත් බවට කාල නිර්ණය කර ඇති, තාරා දේවි බෝධිසත්ත්ව වරියගේ රන්-ආලේපිත ලෝකඩ පිළිමයකි.
දහනවවන සියවසෙහි මුල් අවදියෙහි හමුවී ඇති මෙම පිළිමය, 1830දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත බාරදී ඇත්තේ, ලංකාවේ හිටපු ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්රවුන්රිග් විසිනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.