ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සන්ධාන ගොඩනැගීමේ දී ආරම්භයේ ඊට දායකත්වය ලබාදෙන්නේ සුළු පිරිසක් නමුත් පසුකාලීනව එම සන්ධාන ආණ්ඩු පෙරලන මහා ප්‍රවාහයක් බවට පත්වෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල පවසයි.
නොවැම්බර් 21 නුගේගොඩ පැවැත්වීමට නියමිත මහා ජන හඬ විරෝධතා රැළිය පිළිබඳ අදහස් දක්වමින් අද (10) පවතී මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු වැඩිදුරටත් පැවසුයේ මේ මොහොතේ විශ්වයේ කොතනක සිටියත් නොවැම්බර් 21වෙනිදා ඔබ සිටිය යුත්තේ නුගේගොඩ පමණයි යනුවෙනි.
ඔහු දැක්වූ අදහස් පහතින්,
"සමහර දේශපාලන පක්ෂ විවිධ හේතූන් ඉදිරිපත් කරමින් නුගේගොඩ රැලියට සහභාගී වෙන්නේ නෑ කියලා ප්‍රකාශ කර තිබෙනවා. සමහරු ඒ පිළිබඳ කර්කශ විවේචන ඉදිරිපත් කරලත් තිබෙනවා. නමුත් රැලියට සහභාගී වන සියලුම පාර්ශ්වයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ රැලියට සහභාගී නොවන බව ප්‍රකාශ කරන විපක්ෂයේ පාර්ශ්වයන් විවේචනයට ලක් කරන්න සරදමට ලක් කරන්න කටයුතු කරන්න එපා. අද එකතු නොවන අයව හෙට මේ මහා ප්රවාහයට එකතු කරමින් ආණ්ඩු විරෝධී සියලුම බලවේග එක තැනකට අරගෙන ඒම තමයි අපේ ඉලක්කය වෙන්න ඕනේ.
හැමදාමත් සන්ධාන ගොඩනගන්න ඉන්නේ ටික දෙනයි. සන්ධානය හැබැයි පසුකාලීනව ආණ්ඩු පෙරලන මහා ප්‍රවාහයක් බවට පත්වෙනවා. සෙමින් සෙමින් ඉදිරියට ඇදෙන පුංචි දියදහරක් තමයි මහා මුහුදට වැටෙන විට මහා ගංගාවක් බවට පත්වෙන්නේ. ඒ නිසා කොහොමත් බස් එක කොට උඩ තියෙනකොට බස් එක හදලා පාරට දාන්න ඉදිරිපත් වෙන්න ටික දෙනයි. හැබැයි බස් එකේ නැගලා යන්න ගොඩ දෙනෙක් ඉන්නවා. ඒක තමයි ලෝක ස්වභාවය. දේශපාලන උපාය මාර්ග වල දැවැන්තයකු වන මහත්මා ගාන්ධී වරක් මෙහෙම ප්‍රකාශ කළා. ඔබ අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කළ විට බොහෝ දෙනෙක් ඔබව ගණන් නොගෙන ඉඳීවි. මුලින්ම ගණන් නොගෙන ඉඳීවි. දෙවනුව ඔබව සරදමට ලක්කරාවී. තුන්වෙනුව ඔබව සැක කරාවි. සිව්වෙනුව ඔබව විවේචනය කරාවි. පස් වෙනුව ඔබට අපහාස කරාවි. හයවෙනුව ඔබට බාධා කරාවී. ඒ සියල්ලෙදීත් ඔබ නොසැලී අධිෂ්ඨානයෙන් ඉදිරියට ගියොත් ඒ සියලුම දෙනා ඔබ සමඟ එකතු වේවි. අපි මේ වන විටේ ඉන්නේ ගාන්ධිතුමා සඳහන් කළ සැක කරන විවේචනය කරන සරදම් කරන අවධියේ. නුදුරු දිනකම ඒක බාධා කරන අවධියට පත්වේවි. හැබැයි අපි ඉවසීමෙන් අධිෂ්ඨානයෙන් කටයුතු කළොත් ඒ හැමදෙනාම අපෙත් එක්ක එකතු වෙන තැනට පත් කරගන්න පුළුවන් කියන එක අතීත අත්දැකීමෙන් මම ඉතාම විශ්වාසයෙන් සඳහන් කරනවා.
එකම එක පක්ෂයක් විතරක් අපි අතර ආණ්ඩුවේ ඔත්තුකරුවන් සිටින නිසා අපෙත් සමඟ එකතු වන්නේ නෑ කියලා ප්‍රකාශයක් කළාම අපි ඒකට පිළිතුරු දුන්නා මොකද අපේ ගමන ගැන සැකයන් මතු කරන ප්රකාශයන්ට අපි පිළිතුරු ලබා දිය යුතු නිසා. අපි එසේ පිළිතුරු ලබා දුන්නත් අන් කිසිවෙකු සමඟ ඒ අය මොන මතේ හිටියත් අපි ගැටුම් ඇති කර නොගත යුතුයි. මොකද අපේ ඉලක්කය මේ සෑම දෙනාම පස්සේ දවසක හෝ අපේ මේ ප්රවාහයට එකතු කරගන්න. ඒ අයව දැන් විවේචනය කරලා අනාගතයේ ඒ අයට අපෙත් එක්ක එකතු වෙන්න තිබෙන අවස්ථාව අහිමි කිරීමට අපි කටයුතු කළ යුතු නෑ.
වත්මන් ආණ්ඩුවට දුන් පොරුන්දු ඉටු කරුණු කියලා ආණ්ඩුව දුන්නු පොරුන්දු සිහිපත් කළ යුතුයි කියලා ඔබ හිතනවා නම් හොරු අල්ලන්න ඇවිත් කම්බ හොරු බවට මාලිමා ආණ්ඩුව පත්වෙලා තිබෙන බව රටට හෙළිදරව් කළ යුතුයි කියලා ඔබ හිතනවා නම්, වැඩ බැරි නම් කයියෙන් නැති වැඩක් නෑ කියලා ඔබ විශ්වාස කරනවා නම් මේ මොහොතේ ඔබ විශ්වයේ කොතනක සිටියත් නොවැම්බර් 21වෙනිදා ඔබ සිටිය යුත්තේ නුගේගොඩ පමණයි කියන එක නැවත වතාවක් අපි සිහිපත් කරනවා. "
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.