පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු තද වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු තද වැසි

බස්නාහිර, සබරගමුව සහ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (20) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක්

ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහලට හදිසි ප්‍රතිකාර ඒකකයක්

මාතර, කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහල තුළ සැප්තැම්බර් පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න හට උපදෙස් ලබා දී තිබේ.

Read More

ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට - මාර්ග අවහිර වෙයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර ඒ අවට පහත් බිම් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

Read More

අනුර සහ සජිත් ගෙන් පොරොන්දු දෙකක්

තමන් ජනපති වූ පසු මහ බැංකු වංචාවට අධිකරණයෙන් රතු වරේන්තු නිකුත් කර සිටින අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට රැගෙන එන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

Read More

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජාතික ධජය මැතිවරණ ප්‍රචාරණයට ගන්න එපා - මැකො

ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගතහොත් නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

Read More

ග්‍රාම නිලධාරි වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන්

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.

Read More

ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දීමක්

පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More