ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ජනාධිපතිවරණයට අදාළව විවිධ දේශපාලන පක්ෂ, තම දේශපාලන ප්රචාරක කටයුතු සඳහා ළමයින් සහභාගි කරගැනීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවත් ඒ අනුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
වැඩිහිටියන්ගේ අනුදැනුම, මැදිහත්වීම හෝ පෙළඹවීම මත වයස අවුරුදු 18 ට අඩු ළමුන් මෙම මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා සහභාගී වන බවට නිරීක්ෂණය වී ඇතැයි ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේ ය.
මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ළමුන් සහභාගි කර ගැනීම හේතුවෙන් ඔවුන් අනතුරුවලට හෝ කායික සහ මානසික පීඩාවලට ලක්වීමේ හැකියාව ඇති බවත් එවන් අවස්ථාවල නොපමාව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් ජාතික ළමා ආරක්ෂක සඳහන් කළේ ය.
මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ළමුන් සහභාගි කරගැනීමෙන් වළකින්නැයි, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සියලුම දෙමව්පියන්ට, භාරකරුවන්ට, සහ සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.