මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
Mpox වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ නිකුත් කළ පසු මෙරටට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Mpox හෙවත් වඳුරු උණ සම්බන්ධයෙන් ඉකුත් දා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් එස්.එම් ආනල්ඩ් සඳහන් කළේ, වෛරසය රට තුළට ඇතුලුවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මූලික සාකච්ඡා ආරම්භ වී ඇති බවයි.
Mpox වෛරසය මේ වනවිට මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකානු කලාපය පුරා ව්‍යාප්තව තිබේ. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 461 කි.
මෙම වෛරසය ආසාදිතයකු ස්වීඩනයෙන් ද වාර්තා වී ඇති අතර අප්‍රිකාවේ හෝ වෛරසය පැතිරී ඇති ප්‍රදේශවල සංචාරයේ නිරත වන්නේ නම් එන්නත්කරණය සිදු කරගැනීම වඩාත් සුදුසු බව යුරෝපා රෝග නිවාරණ සහ පාලන මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.