ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
එම අධිකාරිය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත්තේ උපරිම ජල මට්ටමේදී ජලාශයට ජලය ලැබෙන ශීඝ්‍රතාවය අනුව වාන් දෙරටු විවෘත කිරීමට පියවර ගන්නා බවය.
ඒ අනුව වාන් දැමීමේදී අඹන්ගඟට ජලය මුදා හැරෙන අතර එමගින් අඹන්ගඟේ හා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් සිදුවනු ඇති බවත් මහවැලි අධිකාරිය පෙන්වා දී තිබේ.
ඒ හේතුවෙන් අඹන්ගඟ සහ මහවැලිගඟ දෙපස ජනතාවට ජල මට්ටම් පිළිබඳව විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම අධිකාරිය දැනුම් දී ඇත.
මේ සම්බන්ධව මහවැලි අධිකාරිය විසින් පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය වෙතද දන්වා යවා ඇති අතර එහි සඳහන්ව ඇත්තේ මේ වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය 98.87%ක් ලෙස පවතින බැවින් ඉදිරි දින වැසි තත්ත්වයේ වර්ධනය වීමක් සිදුවුවහොත් ජලාශයේ ජල මට්ටම් උපරිම අගය දක්වා පැමිණෙනු ඇති බවය.
ඒ අනුව වාන් දොරටු විවෘත කිරීමක් සිදුකළ හොත් ඒ පිළිබඳව ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ප්‍රචාරණ කටයුතු හරහා සියලු ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීමට මොරගහකන්ද කාර්යභාර ඉංජිනේරුවරයා විසින් මේ වන විට සිය කළමනාකරණ ඒකකය දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවත් සඳහන් වේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.