ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබේ.
වව්නියාව ප්‍රදේශයේ ඉදිකර ඇති එම මධ්‍යස්ථානය තුළ කාන්තාවන් 100 දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි බව වාර්තා වේ.
ඒ අනුව අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කාන්තාවන් මෙම මධ්‍යස්ථානය හරහා පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර ඇත.
ඒ පිළිබඳව පුනරුත්ථාපනය කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නේ නම් වව්නියාවේ පිහිටි මෙම නව පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙස අධිකරණ සේවා කොමිසන් සභාව සියලු විනිසුරුවරුන්ට දැනුම්දී තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.