උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීම සඳහා එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ, සම්බන්ධයෙන් වන ලිපි කඩිනමින් එම මන්ත්‍රීවරුන් වෙත යොමුකිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
විනය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව පක්ෂයේ තීරණයට එරෙහි වූ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වනු ඇති බවද සඳහන් ය.
ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එහි දේශපාලන මණ්ඩලය පසුගියදා රැස්වී තිබුණි.
එහිදී පක්ෂයෙන් අපේක්ෂකයෙකු නම් කිරීමට තීරණය කළ අතර, එම තීරණයට එරෙහි වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවටද තීරණය කෙරුණි.
කෙසේ වෙතත් පක්ෂයේ තීරණයට එරෙහිවූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පසුගිය සති කිහිපය පුරා පක්ෂයේ දේශපාලන මණ්ඩලයට දැඩි බලපෑම් එල්ලකර ඇති බවද වාර්තා වෙයි.
පක්ෂය ගත් තීරණයට එරෙහි වූ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ක්‍රියාකාරකයින් බොහෝ දෙනෙකු ඉල්ලීම් කර තිබූ බවද පැවසෙයි.
ඒ අනුව, පක්ෂයේ තීරණවලට එරෙහි වූ මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වන ලිපි කඩිනමින් යොමුකිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.