සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල ගේ අත්සනින් මාස 3ක් සඳහා බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, ඌරන්, රෝග අවදානම් සතුන් ලෙස ප්‍රකාශයට පත්කරන බවයි.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, ඌරු මස්, අලෙවිය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ ඌරු මස් නිෂ්පාදන සකස් කිරීම ද තහනම් වනු ඇති බවයි.
මේ අතර, අප්‍රිකානු සූකර උණ සහ අභිජනන හා ස්වසන සහ ලක්ෂණ රෝගය මිනිසුන් හෝ වෙනත් සතුන් අතර පැතිර යාමේ කිසිදු අවදානමක් නොමැති බව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල පැවසීය.
ඇය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැති බවයි.
එහෙත් ඌරු මස් අනුභවයෙන් වෙනත් මහජන සෞඛ්‍යය ගැටලු ඇතිවිය හැකි බව ද ඇය පෙන්වා දෙයි.